පෝට්සිටී පනත සම්මතයි : රිෂාඩ්ගේ දෙන්නෙක් ආණ්ඩුවේ සහයට !

පෝට්සිටී පනත සම්මතයි : රිෂාඩ්ගේ දෙන්නෙක් ආණ්ඩුවේ සහයට !

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම වැඩි ජන්ද 89කින් අද (20) පාර්ලිමේන්තුවේදී  සම්මත විය.  

ඊයේ සහ අද  දෙදින විවාදයකින් පසුව ජන්ද විමසීම පැවති අතර එහිදී  පනත් කෙටුම්පතට පක්ෂව ජන්ද 148ක් ද, විපක්ෂව ඡන්ද 59ක් ද හිමිවිය.  

පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි.  

සමගි ජන බලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් 05දෙනා ඡන්දය ප්‍රකාශය කරන අවස්ථාවේ සභා ගැඹේ නොසිටි බව වාර්තා වෙයි. 

සමගි ජන බලවේගය නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් හා එම පක්ෂයේ දිගාමඩුලු දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂාරෆ් පනත විරුද්ධව ඡන්දය දුන් නමුත් බැසිල් රාජපක්ෂ යටතේ සිටින එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රීක් මන්ත්‍රී ඉෂාක් රහුමාන් හා පුත්තලම දිස්ත්‍රීක් මන්ත්‍රී අලි සබ්රි ආණ්ඩුවට සහය පළකරමින් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල බව විපක්ෂයේ දේශපාලනඥයින් පැවසීය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න