පෝට්සිටී පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය තුළදී ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් ජනමතය සැකසීමට සැලකිය යුතු කාර්‍ය භාරයක් සිදුකළ ඇල්ලේ ගුණවංශ හිමිට අපහාස කිරීමේ පුවතක් වාර්තා වෙයි.
අද (20) පාර්ලිමේන්තුවේදී එම සිදුවීම සිදුවූ අතර ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභාව අමතන අවස්ථාවේ ය.
එහිදී ඇල්ලේ හිමිගේ පසුගියදා පැවති මාධ්‍ය හමුව උපුටා දක්වමින් කතා කළ අතර ඒ අවස්ථාවේ ආණ්ඩුව පාර්ශවයෙන් ඇසුනේ " ..හෝදගන්න .." යනුවෙනි.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදාළ ප්‍රකාශය කළේ කවුද කියා විමසා ලැබුණු ප්‍රතිචාරය මත " ආ දිවුලපිටිය මන්ත්‍රීතුමා යනුවෙන් පැවසීය.
දිවුලපිටිය නියෝජනය කරන්නේ ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා ය.
මීට අදාළ වීඩියෝව පහත දැක්වෙයි.

