කොරෝනා අස්සේ සැරටම ගරානා : රුපියල් 5000ට ඇස්ත්‍රාසෙනෙකා කළුකඩේ !

කොරෝනා අස්සේ සැරටම ගරානා : රුපියල් 5000ට ඇස්ත්‍රාසෙනෙකා  කළුකඩේ !

කොරෝනා පාලනය සඳහා මෙරට එන්නත් කරන ලද ඇස්ත්‍රාසෙනෙකා  එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලබා ගැනීම සඳහා රුපියල් පන්දහසක් ගෙවා කළුකඩයෙන් ලබාගැනීමට  සිදුව ඇතැයි තොරතුරු වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ශෙනාල් ප්‍රනාන්දු පවසන්නේ දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීමට රුපියල් 5000 ක මුදලක් ගෙවා ලියාපදිංචි වන්නැයි එක්තරා ආයතනයකින් දැනුම් දී ඇතැයි තම සංගමයට පැමිණිලි ලැබී ඇති බවය.

එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් විශාල පිරිසක් දෙවැනි මාත්‍රාව නොමැතිව බලා සිටියදී එම එන්නත් තොග පිටස්තර ආයතනයකින් මෙසේ මුදලට විකිණීම බරපතළ ප්‍රශ්නයක් යයිද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිණිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිලි කළ බවද ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

කොරෝනා එන්නත් පෞද්ගලික අංශය විසින් ලබා දීමට කිසිදු තීරණයක් හෝ අනුමැතියක් ලබා දී නැති පසුබිමක මෙම එන්නත පුද්ගලික ආයතනයක් මඟින් මුදලට ලබා දෙන්නේ කෙසේදැයි ඔහු  තවදුරටත් ප්‍රශ්න කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න