සෞඛ්‍ය සේවක කට බඳියි !

සෞඛ්‍ය සේවක කට බඳියි !

රජයේ සෞඛ්‍ය සේවාව නියෝජනය කරන සියලුම සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම වලක්වා තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, මේජර් ජනරාල් එස්.එච්. මුණසිංහ විසින් නිකුත්කර ඇත. 

එය නොසලකා කටයුතු කරන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සෞඛ්‍ය ලේකම්වරයා විසින් දන්වා ඇත.

මෙසේ සෞඛ්‍ය සේවක මාධ්‍ය සම්බන්ධතා වාරණය වන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.

අදාළ චක්‍රලේඛය පහත දැක්වෙයි.

IMG 20210520 123456

දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් : ඊයේ මරණ 36ක් !

මේ අතර මෙතෙක් එක් දිනක් තුළ මෙරටින්  වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ ( 19) වාර්තා වූ අතර ඒ ගණන 36ක් විය.එසේම ඊයේ දිනට අදාළව නිකුත්කර ඇති වාර්තා අනුව   මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 3,623ක් හඳුනාගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 32ක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින් වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 

ඉතිරි පුද්ගලයින් 3,591 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඒ ආසාදිතයින් 761කි.මීට අමරතව කළුතරින් 493ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 275ක් ලෙස ආසාදිතයින් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම නව ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි.දිස්ත්‍රික්ක 11ක දෛනික ආසාදිතයින් 100 ඉක්මවා ඇති අතර ඉන් දිස්ත්‍රික්ක 07ක ආසාදිතයින් 200 ඉක්මවා ඊයේ දිනයේ වාර්තා වී ඇති බව සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න