වරාය නගරයට අලුත් පනතක් ගේන්න : එජාපයෙන් යෝජනාවක් !

වරාය නගරයට අලුත් පනතක් ගේන්න : එජාපයෙන් යෝජනාවක් !

ශ්‍රේෂ්ඨාධිකරණය වරාය නගරය පිලිබද ලබාදුන් තින්දුව එක්සත් ජාතික පක්ෂය පිළිගන්නා බවත්  එමෙන්ම වරාය නගර පනත ඉල්ලා අස්කර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එජාප මධ්‍යම මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ නව පනතක් ගෙනෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට යෝජනා කරන බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ සභාපති හා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම නිවේදනය සඳහන් කරන්නේ  ශ්‍රේෂ්ඨාධිකරණයේ දී නීති සම්පාදනය අභියෝගයට ලක් කළ එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි.

එසේම මෙම පනත මගින් පාර්ලිමේන්තුවේ ස්වෛරීභාවය දුර්වල වී ඇති බව,  කොමිසම පාර්ලිමේන්තුවට හෝ අමාත්‍ය මණ්ඩලයට පිළිතුරු නොදෙනු ඇති බව,  එජාප තක්සේරුව වූ බවත්  ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් යෝජනා කරන ලද සංශෝධන මගින් මෙම ගැටළුවලට විසඳුම් ලබා දී ඇති අතර කොමිසම නැවත වරක් පාර්ලිමේන්තුවට පිළිතුරු දිය යුතු තත්ත්වයක් ඇතිව තිබෙන බවත් පක්ෂ සභාපති වජිර අබේවර්ධන උපුටා දක්වමින් නිවේදනය සඳහන් කරයි. 

එසේම “එක් රටක්, එක නීතියක්” යන ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට අදාළ වන බව සහතික කළේ එක්සත් ජාතික පක්ෂයේ නීති කණ්ඩායම බවද  සභාපතිවරයා පැවසූ බවත් එහි සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න