දවස් 4 ක සංචරණ සීමා නිසා රජයට කෝටි 6000ක පාඩුව : නිවාඩ් කබ්‍රාල්ගේ තඩි නයෙක් !

දවස් 4 ක සංචරණ සීමා නිසා රජයට කෝටි 6000ක පාඩුව : නිවාඩ් කබ්‍රාල්ගේ තඩි නයෙක් !

පසුගිය සතියේ දින 04ක සංචරණ සීමා පැනවීමෙන් රජයට රුපියල් කෝටි 6000ක පාඩුවක් සිදුවී ඇති බව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හෙළි වේ.

ඔහුගේ මෙම ප්‍රකාශය අනුව රජයේ දිනක ආදායම රුපියල් කෝටි 1500ක් විය යුතුය. එහෙත් පසුගිය 2020 වසරේදී රජයේ දිනක ආදායම රුපියල් කෝටි 375ක් වේ.

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර 2019 වර්ශයේ රජයේ දිනක ආදායම තිබී ඇත්තේ රුපියල් කෝටි 518කි.

මේ අනුව කොවිඩ් වසංගතය වේගයෙන් රට තුළ පැතිරෙමින් තිබියදී සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන ලද නිර්දේශ අනුව සහ ආණ්ඩුවට එල්ල වූ බලපෑම් අනුව දින 04ක් සංචරණ සීමා පැනවීම නිසා රජයට රුපියල් කෝටි 6000ක පාඩුවක් සිදු වූ බව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පැහැදිලි වේ.

මේ අතර රටේ ජාතික ආදායම සම්බන්ධයෙන් සලකා බැලූවද එයට රාජ්‍ය අංශයෙන් එකතු කෙරෙන පංගුව දිනකට රුපියල් කෝටි 1500ක් නොවන බව පැහැදිලි වේ.

රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය අනුව රජයේ ආදායම දිනකට රුපියල් කෝටි 1500ක් වූයේනම් රජයේ වාර්ෂික ආදායම රුපියල් කෝටි 547,500ක් විය යුතුය.

එහෙත් කොරෝනා පැමිණීමට පෙර 2019 වසරේදී රජයේ මුළු ආදායම වී තිබෙන්නේ රුපියල් කෝටි 189,090කි.

Lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න