ධර්මකිර්ති තාරක පෙරේරා හෙවත් ‘කොස්ගොඩ තාරක’ සහ නාඹුලගේ දිනිත් මෙලාන් හෙවත් ‘ඌරු ජුවා’ යන සැකකරුවන්ගේ මරණ පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල පූර්ණ වාර්තාවක් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.
මේ පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පොලීසිය භාරයේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බවයි.
එය පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝගවල හා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලින් අවධාරණය කර ඇති බව මෙහි වැඩිදුරටත් සඳහන් ය.
එබැවින් ආසන්න දින කිහිපයක් තුළ මෙවැනි මරණ වාර්තා වීමෙන් නීතියේ ආධිපත්‍ය පිළිබඳ රට තුළ බරපතළ ගැටලුකාරී තත්ත්වයක් ගොඩනැගෙන බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.
කොමිෂන් සභාව පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ඉල්ලන්නේ එම සභාව වෙත ලැබී ඇති පැමිණිලි විභාග කිරීමේ ආරම්භක පියවරක් ලෙසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
