පවිත්‍රා සහ සුදර්ශනී හොඳ තීන්දුවක් ගනියි : ආසාදිතයින් ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත !

පවිත්‍රා සහ සුදර්ශනී හොඳ තීන්දුවක් ගනියි : ආසාදිතයින් ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත !

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව  ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද පෙරවරුවේ (17) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ  සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී මෙම තීන්දුව ගනුලැබූ බවය.

අදාළ තීන්දුව ගෙන ඇත්තේ  යම් කෙනෙකු ආසාදිතයෙකු වු විට ඔහුට සහ ඔහුගේ පවුල් වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීම හරහා බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදි කරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමටත්, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබා දීමට තීරණය විය.

මෙහි දී වැඩිපුර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වලින් මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට කාර්ය මණ්ඩල යොමු කිරීමටත් මෙහිදී  තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න