කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.
ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.
එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිටු 62ක් සමන්විතය.
එම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.
මේ අතර ඊයේ (17) පස්වරුවේ දී අරලියගහ මන්දිරයේදී ආන්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවූ අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී 19 සහ 20 දිනවල විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහය ලබාදෙන්නැයි ඒ සියලුදෙනාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් දැනගන්නට ඇත.
කොරෝනා වසංගත ව්‍යාප්තිය තීව්‍රවී ජනජීවිතය පවා දුෂ්කරව ඇති පසුබිමක මේ ආකාරයට ආණ්ඩුව කඩිමුඩියේ අදාළ පනත සම්මත කරගනීමට් උත්සාහ ගනිමින් සිටින්නේ, නුදුරේදී මෙරටට ඒමට නියමිත චීන විදේශ අමාත්‍යවරයාගේ හිත දිනාගැනීමට ඔහුව සතුටු කිරීමට බවටත් මේ වන විට චෝදනා එල්ලවී තිබේ.
මේ සම්බන්ධව කතානායකවරයා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කල නිවේදනය පහත දැක්වෙයි.


