මේ වන විට කොව්ඩ් ආසාදිතයකු බවට පත්ව ඇති මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන් මුහුණ දුන් අත්දැකීම් හා රටෙහි කොරෝනා තත්වය පිළිබඳව ඉතා සංවේදීව අදහස් පළ කර තිබේ.
එහිදී සභාපතිවරයා සඳහන් කරන්නේ තමන් කොවිඩ් ආසාදිතයකු බව දැන ගැනීමට පී සී ආර් පරීක්ෂන සිදු කර යළි වාර්තා ලැබෙන තුරු දින 8ක් පමණ බලා සිටීමට සිදු වූ බවයි.
පරීක්ෂණ වාර්තා ලැබෙන විට තමන් ඉතාමත් අසාධ්‍ය තත්වයේ පසු වූ බවද ඔහු සඳහන් කර සිටියි. සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ තමන් මෙවන් තත්වයක් හමුවේ ඊට මුහුණ දුන්නද දුප්පත් අහිංසක ජනතාවගෙන් සියලු දෙනාට ඒ ආකාරයෙන් මුහුණ දීමට හැකියාවක් නොමැති බවයි. එසේ හෙයින් මේ සම්බන්ධයෙන් රජයේ කාරුණික අවධානය යොමු විය යුතු බව ඔහු සඳහන් කළේය.
රජය මේ වන විට මිය යන හෝ ආසාදිත වන පුද්ගලයින් හුදු ඉලක්කමක් ලෙස පමණක් දක්නිනට කටයුතු කිරීම අවාසනාවන්ත තත්වයක් බවත් එසේ වුවහොත් අසරණ වන්නේ අහිංසක ජනතාව බවත් සඳහන් කළ සභාපතිවරයා ජනතාවගේ වටිනා ජීවිත ආරක්ෂා කිරීමට මීට වඩා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද සඳහන් කර සිටියේය.
කොවිඩ් ආසාදිතව පී සී ආර් වාර්තා ලැබීමට ප්‍රථම බොහෝ පිරිසක් තමන් හමු වූ බවත් ඔහු සඳහන් කර සිටි අතර සභාපතිවරයාගේ පවුලේ සියලු දෙනාද මේ වන විට නිරෝධායනයට ලක් කර ඇත.

