මහින්ද කැඳවූ සාකච්ඡාව පීබී ඇතුළු පිරිසක් ඇවිත් නෑ : චීන නිලධාරීන් ඉස්සරහ අසරණ වෙලා !

මහින්ද කැඳවූ සාකච්ඡාව පීබී ඇතුළු පිරිසක් ඇවිත් නෑ  : චීන නිලධාරීන් ඉස්සරහ අසරණ වෙලා !

කොරෝනා මර්දනය කිරීම සදහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයෙන් චීන තානාපති කාර්යාලයට යැවූ ලිපියකට අනුව සූදානම් කෙරුණු විශේෂ සාකච්ජාවක් සදහා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී නොවී සිටිම මත අගමැතිවරයා දැඩි අපහසුතාවයට පත්වූ සිදූවීමක් වාර්තා වේ.

වාර්තා වන අන්දමට අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් යැවූ ලිපියට ප්‍රතිචාර දක්වා ඇති චීන තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීඹට පසුගිය සතියේ දිනයක් යොදාගෙන ඇත.

ඒ අනුව අගමැතිවරයාගේ පාර්ශවයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරටත්, මුදල් අමාත්‍යංශ ‌ලේකම් ඇතුලු ඉහළ නිලධාරීන්ට ඊට සහභාගී වන ලෙසත්, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසත් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් සාකච්ජාව පැවැති දිනයේදී ඊට චීන තානාපතිවරයාද සහභාගීව සිටියත් ආචාර්ය පි.බී. ජයසුන්දර  හෝ මුදල් අමාත්‍යංශ නිලධාරීන් හෝ සහභාගීව නැති බව දැනගන්නට තිබේ.මේ තත්ත්වය මත සාකච්ජාව සිදුකරගෙන යාම සදහා අවශ්‍ය කරුණු නොමැතිවීම හේතුවෙන් අගමැතිවරයා දැඩි අපහසුතාවකට පත්ව සිටි බවක්ද දැනගන්නට ඇත.

(මූලාශ්‍රය - මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න