සංචරණ සීමා ලිහිල් කෙරේ : හැඳුනුම්පත් අංකය ක්‍රමය හෙට සිට ක්‍රියාත්මකයි

සංචරණ සීමා ලිහිල් කෙරේ : හැඳුනුම්පත් අංකය ක්‍රමය හෙට සිට ක්‍රියාත්මකයි

මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හෙට(17) අලුයම 4.00ට ඉවත් කෙරේ.

එසේ වුවද පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලබන 31 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව, හෙට සිට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම්ව අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවේ.

තවද, එන්නත් ලබා ගැනීමට යාමේදී හැදුනුම්පත් අංක ක්‍රමය ක්‍රියාත්මක නොවන අතර, එදිනෙදා කර්මාන්ත කරගෙන යන අයට දෛනික කටයුතු සිදු කළ හැකිය.

තවද දිවාසුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, පබ්, කැසිනෝ ශාලා ආදිය තවදුරටත් වසා දැමෙයි.

යම් ප්‍රදේශයක් හුදෙකලා කර තිබේ නම් එය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදෙකලා කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න