ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම ඇතුළු ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකා කිහිපයක ප්‍රධානියා මෙන්ම කොරෝනා මර්දන කටයුත්තේද ප්‍රධානියා වන පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ විදේශගත වූයේ පෞද්ගලික හේතුවක් මත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා සති තුනක කාලයක් ඇතුලත නැවත ලංකාවට පැමිණෙනු ඇති බවද අමාත්‍යවරයා පවසන අතර ඒ මාධ්‍ය විසින් බැසිල් රාජපක්ෂගේ හදිසි විදෙස් ගතවීම ගැන විමසු අවස්ථාවේ ය.
බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිසිදු අසනීපයක් නොතිබූ බවද පැවසූ අමාත්‍යවරයා තමන්ට බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණ අවස්ථාවේදීත් රටින් පිටව යන අවස්ථාවේදීත් කිසිම ලෙඩක් ඔහුට නොතිබූ බවද පැවසීය.
කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්‍ෂ මෙන්ම පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කියා සිටියේ බැසිල් රාජපක්‍ෂ ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස් ගත වූ බවකි.

