ආණ්ඩුවේ නම් නිරෝධායන නීති අදාළ නෑ : මෙන්න සාක්ෂි !

ආණ්ඩුවේ නම් නිරෝධායන නීති අදාළ නෑ : මෙන්න සාක්ෂි !

කොරෝනා  වසංගත තත්ත්වය හමුවේ  මේ වනවිට මුළු දිවයිනටම බලපවත්වන ආකාරයට පනවා ඇති සංචරන සීමා පනවා ඇතත්  ඒ සියල්ල අමුඅමුවේ උල්ලංඝණය කරමින්  ආණ්ඩු පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූකේ සුමිත් උඩුකුඹුර කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ  අද (14) හිරියාල ආසනයේ ස්ථාන කිහිපයක මුල්ගල් තැබීමේ උත්සව කිහිපයකට සම්බන්ධවෙමිනි.

හිරියාල ආසනයේ මැල්සිරිපුර,  උස්සාව ප්‍රදේශයේ සහ නිකගොල්ල ප්‍රදේශයේ මෙලෙස මුල් ගල් තැබීමේ උත්සවවලට මන්ත්‍රීවරයා  සහභාගි වී ඇත්තේ හිරියාල සමුපකාර සංගමයේ සභාපති අනුර බණකගේ  ආරාධනය අනුව බව මන්ත්රීවරයාගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.

මෙම අවස්ථාවන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහභාගී වී ඇත්තේ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් වික්‍රමසිංහ, මන්ත්‍රීවරුන් වන සුසන්ත, ගාමිණී දිසානායක, ආනන්ද රණසිංහ,  කුමාර යන මහත්වරු පිරිසක් ද සමගය.

මෙම උත්සවවලදී ලබාගත් ඡායාරූප සහ තොරතුරු මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළකර ඇත.

මේ අතර  ජනබලය වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඔවුන් මේ  පිළිබඳ විමසීමට කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා  සහ ගොකරැල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දුරකථන ඇමතුම් ලබාගත්තද එම උස්තාහ සියල්ල ව්‍යර්ථවූ බවය.

jana1

jana2

jana3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න