කැස්බෑව බේරගන්න අමාරුයි – දිස්ත්‍රික් සෞඛ්‍ය නිළධාරිනි

කැස්බෑව බේරගන්න අමාරුයි – දිස්ත්‍රික් සෞඛ්‍ය නිළධාරිනි

දැනට සිදුකල PCR පරික්ෂණ ප්‍රතිපළ විශ්ලේෂණය කිරීමෙන් පෙනීයන්නේ කැස්බෑව ප්‍රදේශයම ලොක්ඩවුන් කලද බේරාගැනීමට අපහසු තත්වයක් යැයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි සමන්තිකා විජේසුන්දර පවසයි.

කොරෝනා වසංගතය ආරම්භයේ සිට පසුගිය අප්‍රේල් මාසය දක්වා කැස්බෑව ප්‍රදේශයෙන් කොරෝනා මරණ වර්තාවුයේ 04 ක් පමණක් බව පවසන ඇය මේ වන විට කැස්බෑව ප්‍රදේශයෙන් දිනකට සාමාන්‍යයෙන් කොරෝනා මරණ 02 ක් වත් වාර්තා වන බව පවසයි.

ප්‍රදේශයේ සිදුකරන PCR පරික්ෂණවලින් 30% ක ප්‍රමාණයක් වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගන්නා බව පවසන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය ලොක්ඩවුන් කලත් නැතත් නිවෙස් තුලටම වී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

පිලියන්දල ප්‍රදේශය ද අයත් කැස්බෑව සෞඛ්‍ය පරිපාලන කොට්ඨාශය තුල වේගයෙන් පැතිරෙමින් යන වෛරසය පාලනය කිරිමේ අරමුණින් සෞඛ්‍ය අංශ විසින් ප්‍රදේශය හුදකලා තත්වයට පත් කලද ඇමති ගාමිණි ලොකුගේ මැදිහත්වී එම ප්‍රදේශයට පනවා තිබු හුදකලා තත්වය ඉවත් කරන ලදි.

lankatruth

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න