ආයුධ පෙන්නන්න ගිහින් - දින 2යි ඝාතන දෙකයි : නීතිඥ සංගමයෙන් තද නිවේදනයක් !

ආයුධ පෙන්නන්න ගිහින් - දින 2යි ඝාතන දෙකයි : නීතිඥ සංගමයෙන් තද නිවේදනයක් !

පිට පිටම දින දෙකක් තුළ  පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනකු  ඝාතනය වීමත්  සමග  ඊට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ නිවේදනයේ එන බරපතළ කරුණක් වන්නේ  පොලිස් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු මරාදැමීමේ අවධානමක් ඇති බව සැකකරු වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා ගේ දැනුම්දීම අනුව  නීතිඥ සංගමය විසින් වේලාසනින් පොලිස්පතිවරයා පවා දැනුවත් කර තිබියදී මෙකී ඝාතන සිදුකර ඇති බව අනාවරණය කර තිබීමය.

එවැනි මරණ නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනයේ අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

BASL latter 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න