කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පෙර සහ එම එන්නත ලබා ගැනීමෙන් පසු ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර ඇත.
ඒ මෙසේය.
01. එන්නත ලබා ගැනීමට පෙර තමාට ඇති රෝග සම්බන්ධයෙන් එන්නත ලබාදෙන ස්ථානයේ සිටින වෛද්‍යවරයා දැනුවත්කොට අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුය.
02. එන්නත ලබා ගැනීමෙන් පසු දින තුනක්වත් ගතවන තෙක් අනවශ්‍ය ලෙස වෙහෙස නොවිය යුතුය.
03. සාමාන්‍ය උණ තත්ත්වයක් පවතී නම් පැරසිටමෝල් පෙති දෙකක් ලබා ගන්න.
04. පැය 48කට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
05. එන්නත ලබා ගැනීමෙන් පසු වෙනත් රෝග සංකූලතා ඇති වේ නම් වෛද්‍යවරයකු හමුවන්න.
06. උණ තත්ත්වයක් නොමැති නම් ස්නානය කිරීම ගැටලුවක් නොමැත.
07. නිදන්ගත රෝග ඇති පුද්ගලයන් ඇත්නම් අවශය බෙහෙත් නිසි වේලාවට ලබා ගන්න. 08. එන්නත ලබා ගැනීමට පෙර සහ පසු ගනු ලබන ආහාර පිළිබඳ විශේෂයක් නොමැති අතර තමාගේ සාමාන්‍ය ආහාර වේල ලබා ගන්න.
09. සෑම විටම මුව ආවරණ පලඳින්න. සෞඛ්‍ය නීති රීති අනුගමනය කරන්න.
10. දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා එන්නත ලබාගත් ස්ථානයෙන් ලබා දුන් කාඩ්පත සුරැකිව තබා ගන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
