එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට පෙර කරන්න වැඩ ගොඩක් ඇත !

එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට පෙර කරන්න වැඩ ගොඩක්  ඇත !

එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට ආණ්ඩුවේ සූදානම සම්බන්ධව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීමට ඉදිරි දින කිහිපය තුළ ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව පවසා ඇත. 

කොවිඩ් මැඩලීමට නව තාක්ෂණය යොදාගැනීමට රජය පෙළබීම කාලෝචිත සහ අගය කලයුතු කරුණක් වුවත් ශ්‍රී ලංකා රජය ඩිජිටල් කරණයට අවශ්‍ය වන ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉතා පසුගාමී තත්වයක සිටින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අකමැත්තෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුවේ.

ඩිජිටල් සෞඛ්‍යයේදී රෝගීන්ගේ හෝ සෞඛ්‍ය සේවාව ලබාගන්නා පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීමට බොහෝ රටවල විවිධ ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය වී තිබේ. 

ඇමරිකානු පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් Health Insurance Portability and Accountability Act නොහොත් HIPAA හදුන්වා දී ඇත, යුරෝපා සමූහයේ GDPR මගින් පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ඇතුළු අනෙකුත් දත්ත සදහා වගවීමක් සිදුවනු ලැබේ, ඉන්දියාවේද සෞඛ්‍ය සත්කාර දත්ත ‘සංවේදී පුද්ගලික දත්ත’ ලෙස වර්ගීකරණය කර ඇති බව උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාව තුල පිලි නොගන්නා අවස්ථාවක දත්ත ආරක්ෂණ පනත සහ සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුව මගින් අනුමත නොවී ඇති අවස්ථාවක එන්නත් කරණය සදහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම නොදුරු අනාගතයේදී ඇතිවිය හැකි අනතුරකට අත වැනීමක් වියහැකි බැවින් ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට ප්‍රථම ජනතාවගේ දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තීන් සහ වැඩපිළිවෙලක් සම්පාදනය කළයුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජයට පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න