කොවිඩ් එන්නත් මාත්‍රා විවිධ වර්ගයේ එන්නත්වලින් ලබාදීම නැත්නම් එන්නත් කොක්ටේල් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැතැයි රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
එසේම එන්නත් සම්බන්ධ ශ්‍රී ලංකාවේ තාක්ෂණික කමිටුව විසින් ද මෙතෙක් ප්‍රකාශ කර ඇත්තේ මුල් මාත්‍රාව ලබාගත් එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාව ද ලබා ගන්නා ලෙස බවත් ඇය පවසයි.
එහෙත් ඊයේ (11) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල කියා සිටියේ එන්නත් මිශ්‍රකර භාවිතා කිරීම ගැටළුවක් නොවන පවසා ඇති බවය.
ඉන්දියන් කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලක්ෂ හයක හිඟයක් රට තුළ පවතිද්දී ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් එන්නත් කොක්ටේල් එකක් පිළිබඳව මත දක්වන්නට විය.
නමුත් කොවිශීල්ඩ් පළමු මාත්‍රාව ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙක් දෙවන මාත්‍රාව ලෙස චීන හෝ රුසියානු එන්නත ලබාගෙන ඇති බවක් වාර්තා වන්නේද නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
