දෛනිකව අලුතින් හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය දෙදහස ආසන්නයට පැමිණීමත් සමඟ එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාග නොහැකි තත්වයක් බවට පවත් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසා තිබේ.
මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 17,000කට අධික ප්‍රමාණයක් රෝහල් තුළ සිටින බවත් එය රෝහල් පද්ධතියට දරා ගැනීමට අපහසු තත්වයක් බවත් එම නිසා රට පුරා සෑම රෝහලකම කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් විශේෂ වාට්ටු සකස් කිරීමට කටයුතු කර ඇතැයිද වසංගත රෝග ප්‍රධානියා පවසයි.
ඉදිරියේදී කොවිඩ් තත්වය තවදුරටත් බරපතළ විය හැකි හෙයින්, රටේ සියලුම පුරවැසියන් සමාජ වගකීමකින් කටයුතු කළ යුතු බවද වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පවසයි.
lankatruth
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
