නීතිපති තානාපතිකම ප්‍රතික්ෂේප කරලා !

 නීතිපති තානාපතිකම ප්‍රතික්ෂේප කරලා !

වත්මන් නීතිපති දප්පුලද ලිවේරා මහතා ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ යෝජනාව ඔහු  විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ, ‘තමා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත්, එහෙත් තමා මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බවත් ය.’ යනුවෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.