බ්‍රිතාන්‍යයේදී චෝදනා ලද බ්‍රිගේඩියර් ප්‍රියංක චීනයට !

බ්‍රිතාන්‍යයේදී චෝදනා ලද බ්‍රිගේඩියර් ප්‍රියංක චීනයට !

බ්‍රිතාන්‍යයේදී මහත් ආන්දොලනයකට ලක්‌වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු චීනයේ උසස්‌ හමුදා පාඨමාලාවක්‌ හැදැරීම සඳහා යැවීමට හමුදාව තීරණය කර ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා රජය මෙම පියවර ගෙන ඇත්තේ මෙවර මානව හිමිකම් සමුළුවේදී බ්‍රිගේඩියර්වරයා පිළිබඳව ප්‍රශ්න කිරීමට සැලසුම් කර ඇති නිසා බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මෙම බ්‍රිගේඩියර්වරයාට එරෙහිව පියවර ගන්නැයි බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමැති මාර්ක්‌ ෆිල්ඩ් විසින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබු බවත් එම පුවත් වාර්තාවේ දැක්වේ.

මිලිටරි අටෑච්ලාට පුහුණුවක් නෑ !

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක හෙවත් මිලිටරි ඇටෑචි වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදා නිලධාරයාගේ පිළිගත නොහැකි හැසිරීම්වලට හේතුව ඔවුන් රාජතාන්ත්‍රික කටයුතු පිළිබඳ පුහුණුවකින් තොරව තානාපති කාර්යාලවලට පත්කිරීම බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

හමුදා නිලධාරීන් නොවන අනෙකුත් නිලධාරීන්ට තානාපති කාර්යාලයේ සේවයට පෙර විදේශ කටයුතු අමාත්‍යංශය පුහුණුවක් ලබාදෙන බව පවසන එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ හමුදා සාමාජිකයන් පත්කිරීම ආරක්ෂක අමාත්‍යංශය විසින් කෙළින්ම සිදුකරන්නක් බවය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ මිලිටරි ඇටෑච් වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නැවත කැඳවා තිබු අතර ඔහු පෙබරවාරි 22 දින ශ්‍රී ලංකාවට ළඟාවී තිබුණි.

බෙල්ල කැපීමේ හස්ත මුද්‍රාවක්:

ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ විදේශගත ශ්‍රී ලාංකිය දෙමල ජාතිකයින් පිරිසකට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් තමන්ගේ උගුර හරහා කිහිප වරක් ඇඟිලි යවමින් බෙල්ල කැපීමේ හස්ත මුද්‍රාවක් පෑම සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වීමත් සමග එම සිදුවීම දැඩි කතාබහට ලක්විය.

එම අවස්ථාවේදී යුද හමුදාපතිවරයා බ්‍රිගේඩියර්වරයාගේ සේවය වහාම අත්හිටුවා ඔහු නැවත රටට කැඳවා තිබුනත් ජනාධිපතිවරයා විසින් ඔහුගේ සේනාධිනායක බලය උපයෝගී කරගනිමින් එය අවලංගු කරනු ලැබීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න