ශ්‍රීලනිප සංවිධායකයන් අසහනයෙන් !

ශ්‍රීලනිප සංවිධායකයන් අසහනයෙන් !

පළාත් පාලන මැතිවරණයෙන් පසු දේශපාලන තලයේ ආරම්භ වී ඇති ව්‍යාකූලතාවය නිසා ශ්‍රීලනිප සංවිධායකයින් සහ දිස්ත්‍රීක්ක සංවිධායකයින් බොහෝ දෙනෙක් කළකිරීමට පත්ව ඇති අතර එය මේ වන විට අසහනයක් දක්වා වර්ධනය වී ඇති බව බොහෝ දෙනා පවසයි.

විශේෂයෙන්ම පක්ෂයේ ප්‍රබලයින් බොහෝ දෙනෙකු පොහොට්ටුව සමග එකතු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවූ කොටසක් මෙලෙස කළකිරීමට පත්ව ඇති බව වාර්තා වේ.

රට තුල පැතිර යන නොයෙකුත් දේශපාලන කටකතා සම්බන්ධව ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් නොමැති වීමත් ශ්‍රීලනිප ලේකම් සහ එජනිස ලේකම් මෙම සංවිධායකයාන්ගේ ගැටලු වලට ජනාධිපතිවරයා මාර්ගයෙන් විසදුම් ලබා නොදීමත් මෙයට හේතුවී ඇත.

තවද පසුගිය වසර 3ක කාලය තුළදී සංවිධායකයින් හට තම ප්‍රදේශයේ පක්ෂ සාමාජිකයින් වෙනුවෙන් කිසිදු රැකියාවක්, නිවසක්, ඉඩමක්, හෝ තම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීමත් නිසා සාමාජිකයන් ඉදිරියේ ඔවුන් බොහෝ අසරණභාවයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ දිස්ත්‍රීක් සංවිධායකවරයකු පවසා සිටියේ පසුගිය වසර 3ක කාලය තුළදී එජාප සහ ශ්‍රීලනිප ඇමතිවරු පමණක් තමන් බලයට පත්කල ආණ්ඩුවෙන් සියලු වරප්‍රසාද ලබාගෙන සංවිධායකයන් පාවිච්චි කර ඇත්තේ පක්ෂයේ අතකොලු වශයෙන් බවයි.

පක්ෂයේ බොහෝ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු නොයෙකුත් පාර්ශවයන් සමග ඩීල් දමා ගෙන කටයුතු කලත් පහළ මට්ටමේ පාක්ෂිකයන් ගැන කිසිදු තැකීමක් කර නොමැති බවද ඔහු තවදුරටත් සදහන් කළේය.

මෙම අවාසනාවන්ත තත්ත්වය අවසන් කිරීම සදහා ඉදිරියේදී පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රී නොවන සංවිධායකයින්ගේ එකමුතුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න