මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය කැඳවුම්කරු අසේල සම්පත්ව පොලීසිය විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ තම නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පැරණි නඩුවක වරෙන්තුවක් සඳහා බව ඔහු තම නිවසේ සිට සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් කියා සිටියේය.
එම වීඩියෝවේ පොලිස් නිලධාරීයකු අසේල සම්පත් ගේ නිවසේ ඥාතීන් වෙත පවසන්නේ ඔහුව කොම්පඥ්ඥවීදිය පොලිසිය වෙත ගෙන යන බවය.
පසුගිය දිනවල අසේල සම්පත් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර මාධ්‍ය හරහා විවාදයක් සිදුවූ අතර ඒ "1000 සහන මල්ල " විවේචනය කිරීම නිසාය.
එසේම මේ සහන මල්ල විවේචනය කිරීම සම්බන්ධව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ මෙන්ම පොලිසිය වෙතද පැමිණිලි කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
