එළඹෙන අප්‍රේල් 22 දිනයට පෙර රජය විසින් ලබාදී ඇති පොරොන්දු සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් ලබා නොදුනහොත් රාජ්‍ය බැංකු වැඩ වර්ජනයක් දක්වා සිය සාමාජිකත්වය පෙළගස්වන බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.
ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්වරයා මෙසේ පවසන අතර ඒ ඊයේ (08) පැවති උද්ඝෝෂණයකින් පසු මාධ්‍ය අමතමිනි.
සිය ඉල්ලීම ලබාදෙන ලෙස බලකරමින් බැංකු සේවකයින් දහස් ගණනක් ඊයේ (08) ලේක් හවුස් වට රවුමේ රැස්වී විරෝධතාවයක් පැවැත්වූ අතර ඊට දිගින් දිගටම පොලීසියෙන් බාධා එල්ලවිය.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඇතුළුව පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය සහ ඊට අනුබද්ධ වෘත්තිය සමිති ගණනාවක් ද මෙම විරෝධතාවයටඑක්ව සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
