විශ්වාසභංගයට ඉක්මන් වෙලා : විමලේ තනි වෙලා

විශ්වාසභංගයට ඉක්මන් වෙලා : විමලේ තනි වෙලා

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය තුළ මත ගැටුමක් බවට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙම ඇත ගැටුමට හේතුවී තිබෙන්නේ අදාළ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබාදීමට පෙර ඊට ශ්‍රීලනිප සහ එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අත්සන් ලබාගත යුතු බවට සහ එසේ අනවශ්‍ය බවට යෝජනා දෙකක් මතුවී ඇති නිසාය.

බහුතරයක් විරුද්ධ වෙලා

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කර ඇත්තේ මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20 කගේ පමණ අත්සනින් ලබාගෙන අවසන් බැවින් 6 වනදා අදාළ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත ලබාදිය යුතු බවය.

"විමල් විශ්වාසභංගයට නෙවෙයි කිසි දේකට ඕනවට වඩා ඉක්මන් වෙන්න එපා : එහෙම උණොත් වැඩේ කනේ යනවා" - ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ගෙන් විමල්ට උපදෙස්

එහෙත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බහුතරයක් විරුද්ධවී ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ විශ්වාසභංග යෝජනාව පැරදුණත් ශ්‍රීලනිප සහ එජාප කිහිපදෙනෙකුගේ හෝ අත්සන් ඊට ලබාගැනීමට උත්සාහ කළ යුතු බවත් ඒ හරහා විශාල දේශපාලන වාසියක් ලබාගැනීමට හැකියාව ඇති බවත්ය. එසේම විශ්වාසභංගය කොහොමටත් ගෙන එන බැවින් ඒ සඳහා කළබල විය යුතු නැති බවත් එජාප සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය කරන පිරිස දැනුම්දෙන තුරු සිටීම වැදගත් බවද ඔවුන් පෙන්වාදී ඇත.

නමුත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැඩි ලෙස සිය ස්ථාවරය වෙනුවෙන් කතා කිරීමට යාමේදී ඊට දැඩි විරෝධයක් එල්ලවී ඇත. අවසානයේ විමල් වීරවංශගේ පාර්ශවය වෙනුවෙන් කතා කිරීමට හෝ මන්ත්‍රීවරයෙක් නොසිටි බවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ පිළිබඳ මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති අතර එහිදී ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් මේ වන විටත් විශ්වාසභංග යෝජනාවට එකග වී ඇති නිසා එම සැලැසුම අවුල් කිරීමට තම පාර්ශවයේ පිරිසක් කටයුතු කරන බවද පවසා ඇතැයි වාර්තා වෙයි.

එසේම සිය මතය නිහඩ කිරීම හේතුවෙන් උරණවූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා තම අනුදැනුම මත පවත්වාගෙන යන වෙබ් අඩවි කිහිපයකට කතා කොට මේ පිළිබඳ පුවත ප්‍රසිද්ධ කරන ලෙස දැනුම්දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න