පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් සක්‍රීය කරයි !

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් සක්‍රීය කරයි !

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව මත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවීම සඳහා ගෙන තිබු නියෝගය ඉවත්කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙතෙක් අත්හිටුවා තිබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් සක්‍රීය වෙයි.

නීති විරෝධී මුදල් ඇති බවට අනාවරණයවී නැහැ

කෙසේ වුවත් මේ ආකාරයට සක්‍රීය වන්නේ නීති විරෝධී මුදල් මාරුවී නොමැති බවට විමර්ශන වලදී හඳුනාගත් සීමිත ගිණුම් කිහිපයක් පමණක් බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග අනාවරණය කර සිටියි.

මීට පෙර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවීම සඳහා කොළඹ මහාධිකරණය නියෝග කර තිබු අතර ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීම සිදුවිය.

ගිණුම් අත්හිටුවීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයත් නිවේදනයක් නිකුත් කළා

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව ය. මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ඒකකයද නිවේදනයක් නිකුත් කළ අතර එහි ස්සන්දහන් වුයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශව මහ බැංකු බැඳුම්කරයෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශවයක් වෙත ගලා යෑම වැළැක්වීමේ අරමුණින් නීතිපතිවරයා අදාළ ඉල්ලීම සිදුකල බවය.

එසේම බැඳම්කර ගනුදෙනුවෙන් රජයට අහිමිවු මුදල් නැවත අය කරගැනීමේ කටයුතු මෙන්ම ඊට සම්බන්ධ වුවන්ට දඬුවම් ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මෙම තීන්දුව තුළින් තහවුරු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න