අගමැතිට එරෙහි විශ්වාසභංගයේ චෝදනා 14ක්

අගමැතිට එරෙහි විශ්වාසභංගයේ චෝදනා 14ක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාසභංග යෝජනාවේ චෝදනා 14ක් අන්තර්ගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළ අතර විශ්වාසභංගයේ කේන්ද්‍රය වන්නේ මහ බැංකු වංචාව සහ පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවූ බරපතල කඩාවැටීම බවද පැවසීය.

ජනතාවගෙන් තුනෙන් දෙකක් දැනටමත් අගමැති ප්‍රතික්ෂේප කරලා

 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ රටේ ජනතාව පෙබරවාරි 10 වනදාද අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත කළ බවත් එහිදී රටේ ජනතාවගෙන් 67%ක් ඔහුට මෙන්ම ඔහුගේ පක්ෂයටද විරුද්ධව ජන්දය ප්‍රකාශකළ බවය.

එසේම ජනතාවගෙන් තුනෙන් දෙකක් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජන්දය ප්‍රකාශ කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ ද දෙකෙන් පංගුවක් හෝ ඔහුට එරෙහිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් එජාපයේ කොටසක් ඇතුළුව ශ්‍රීලනිප සහ ඒකාබද්ධ විපක්ෂය ඊට සහය දැක්වීමට මේ වන විටත් එකඟතාව පළකර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න