මෙරට සම්බන්ධව ජිනීවා හී පැවති මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව කුමන්ත්‍රණයක් නොව යුක්තිය සොයමින් අරගල කල උතුරේද දකුණේද වින්දිතයන්ගේ ජයග්‍රහණයක් බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි.
ඇය මේ අදහස් දක්වා ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින්ය. වින්දිතයන් යුක්තිය ඉටුවීම සම්බන්ධව උතුරේ මව්වරුන් විශාල කාර්ය භාරයක් සිදුකළ බවත් ඇය පවසයි. "හෙට දින කුමක් සිදුවේද කියා පැවසිය නොහැකියි.
එසේ වුවත් එක්සත් ජාතීන්ගේ මේ යෝජනා වලිය හමුවේ මෙරට දී අධිකරණය හරහා යුක්තිය ඉටුකර ගැනීමට නොහැකිව සිටින තමන්ගේ මිනිසුන් සොයන සිංහල දමිල භේදයක් නොමැතිව වින්දිතයන්ට සත්‍ය හා යුක්තිය ඉටුකර ගන්නට මැදිහත්වීමට එක්සත් ජාතීන්ට හැකිවනු ඇති බව තමා බලාපොරොත්තු වන" බවත් ඇය සඳහන් කරයි. සන්ධ්‍යා එක්නැළිගොඩ යනු මේ වන විට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳය.
ඇගේ මේ අදහස් ඇතුළත් වීඩියෝව පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
