යාපනයේ පෞද්ගලික රෝහලක් විසින් Full Blood Count (FBC) රුධිර පරීක්ෂාව සඳහා නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කිරීම සම්බන්ධයෙන් පළ කළ පුවතෙන් අනතුරුව, එම උපරිම ගාස්තු නියම කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව පාරිභෝගිකයින් රැසක් විමසීම් කර ඇත.
ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කළ අංක 67 දරන නියෝගය මගින් පහත රසායනාගාර පරීක්ෂණ සඳහා අය කළ හැකි උපරිම ගාස්තු නියම කර ඇත.
මෙම නියෝගය 2020 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එය 2020 ජූලි 29 දිනැති අංක 2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.

පාරිභෝගිකයිනි, අවධානයෙන් සිටින්න; පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් මෙම පරීක්ෂණ සිදුකර ගැනීමේ දී නියමිත උපරිම ගාස්තුව පිළිබඳ විමසිලිමත් වන්න.
ඔබ ගෙවන මුදල සඳහා සෑමවිටම නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ඉල්ලා ලබාගන්න. නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කරන්නේ නම්, අදාළ බිල්පත සහ අනෙකුත් සාක්ෂි සමඟ කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කරන්න.
ගැසට් නිවේදනය:
අංකය: 2186/17
දිනය: 2020.07.29
නියෝග අංකය: 67
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
