ශ්‍රීලනිපය තුනට කැඩෙයි : අවසන් තීරණය මාර්තු අග

ශ්‍රීලනිපය තුනට කැඩෙයි : අවසන් තීරණය මාර්තු අග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශව තුනකට බෙදී ඇති බව වාර්තා වේ. එයින් එක් පිරිසක් යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවත් තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ සමඟ එකතුවී ආණ්ඩුවක් පිහිටවිය යුතු බවත් තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවී දේශපාලන කටයුතුවල නිරතවීමට සුදානම්ව සිටින බවත් වාර්තා වේ.

 මහින්ද මෛත්‍රීට- සුසිල් මහින්දට 

මේ අතරින් මහින්ද අමරවීර සහ මහින්ද සමරසිංහගේ මූලිකත්වයෙන් යුතු පාර්ශවය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සුදානම්ව සිටින අතර සුසිල් ප්‍රේමජයන්ත ප්‍රමුඛ අනිත් පාර්ශ්වය මහින්ද රාජපක්ෂ සමඟ එකතුවිය යුතු බවට ප්‍රකාශ කරමින් සිටින බව පැවසේ. මේ අතරින් තුන්වන පාර්ශවය ලෙස දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුව ඉදිරියේදී කටයුතු කිරීමට සුදානම්ව ඇති බව වාර්තා වේ.

මාසයක් කල් දෙන්න - ජනාධිපතිවරයා

මේ පාර්ශව තුන අතරින් දැනට ප්‍රබලව සිටින සුසිල් ප්‍රේම ජයන්ත ප්‍රමුඛ කණ්ඩායම මේවනවිට යෝජනා කිහිපයක් ජනාධිපතිවරයා වෙත ඉදිරපත් කර තිබේ. එම යෝජනා අතර රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක සහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම, ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ කටයුතු කිරීම යනාදිය ඇතුළත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි. එයට පිළිතුරු වශයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම තීරණය දැනුම්දීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

දුමින්ද එක්සත් ජාතික පක්ෂයට

මෙහිදී දුමින්ද දිසානායක ඇමතිවරයාගේ තීරණය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහට සහය දීම බව පැවසේ. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා කැමති තීරණයක් ගන්නා ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේවනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 43දෙනෙක් වර්තමාන ආණ්ඩුවේ ඇමතිධුර නියෝජ්‍ය ඇමතිධුර, සහ රජය අමාත්‍ය ධූර දරමින් සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න