අගමැතිට එරෙහි විශ්වාසභංගය : ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙස

අගමැතිට එරෙහි විශ්වාසභංගය : ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙස

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට අපේක්ෂිත විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙස ගෙන ඒමට සුදානම් කර ඇති බව වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති අතර ඊට අදාළ කෙටුම්පත මේ වන විටත් සකස්කර අවසන් බවත් වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා ලැයිස්තු 3ක් ඔස්සේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමට නියමිතව ඇත. ඒ ඒකාබද්ධ විපක්ෂය සඳහා එක් ලැයිස්තුවක්, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට තවත් ලැයිස්තුවක් සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රනිල් විරෝධී පාර්ශවයේ මන්ත්‍රීවරුන් සඳහා ලැයිස්තුවක් වශයෙන්ය.

අදාළ පාර්ශව තුන මේ වන විටත් විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තැබීමට මුලික එකඟතාව පළකර ඇති බවද වාර්තා වෙයි.

අගමැති විරෝධය සහ ආණ්ඩු විරෝධය

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය මේ ආකාරයට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙස ගෙන ඒමට සැළසුම් කර තිබෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අග්‍රාමාත්‍යවරයාට පමණක් සීමා වූ විශ්වාසභංගයක් ගෙන ඒමට ප්‍රතිපාදන නොමැති නිසා බවද වාර්තා වෙයි.

 සබැඳි පුවත්

විශ්වාසභංගය පුස්සක් වෙයි : අගමැති ඉවරයි නම් ආණ්ඩුවත් ඉවරයි

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න