විශ්වාසභංගය පුස්සක් වෙයි : අගමැති ඉවරයි නම් ආණ්ඩුවත් ඉවරයි

විශ්වාසභංගය පුස්සක් වෙයි : අගමැති ඉවරයි නම් ආණ්ඩුවත් ඉවරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉලක්ක කර අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම සඳහා පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධව මේ වන විටත් දේශපාලන ක්ෂේත්‍රයේ මතුව තිබෙන සංවාදය පිළිබඳ newstube.lk සිදුකල අදහස් විමසීමේදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අග්‍රාමාත්‍යධූරය වඩාත් බලවත්ව ඇති බවත් ඒ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමක් වෙනුවෙන් විශ්වාසභංගයක් ගෙන එනවා නම් එය කලයුතු වන්නේ ආණ්ඩුවට එරෙහි විස්වාසභංග යෝජනාවක් ගෙන විත් එය සම්මත කිරීම හරහා පමණක් වන බවද ඔහු පෙන්වා දෙයි.

එසේම අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එනවා කියා දෙයක් ව්‍යවස්ථාවේ සඳහන් නොවන බවද පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 48 (2) වගන්තිය තුළ ඒ බව සැකයෙන් තොරව පැහැදිළිව සඳහන් වන බවය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 48 (2) වගන්තිය
48 580px

එසේම එම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට හිතූ ලෙස පාර්ලිමේන්තුව විසුරවා හැරීමට බලයක් නොමැති බවත් එවැන්නක් ජනාධිපතිවරයා සිදුකරනවා නම් ඊට ව්‍යවස්ථාවේ බලය හිමිවන්නේ 2020 මාර්තු 01 හෝ ඊට පසු දිනයක බවද ඔහු සනහන් කරයි.

ඒ පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සිට වසර 4 1/2 ක කාලයක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසිරවීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැතිවීම නිසා වන අතර එහෙත් පාර්ලිමේන්තුවේ 2/3 ක අත්සන් සහිත ලියවිල්ලක් හරහා පාර්ලිමේන්තුව විසුරවා හැරීමක් සිදුකල හොත් ඒ හරහා අග්‍රාමාත්‍යධූරයද බල රහිත කල හැකි බව ඔහු සඳහන් කර සිටියි.

කෙසේ වුවත් මේ වන විට ඒකාබද්ධ විපක්ෂය සඳහන් කර සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එජාප ය විසින්ම ගෙන එන විශ්වාස භංග යෝජනාව සදහා දැනටමත් එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් අත්සන් කරමින් සිටින බවත් නොසිතන ප‍්‍රබලයන් රැසක් ඒ සදහා අත්සන් තබනු ඇති බවටත් තොරතුරු ඇති බවය.

එසේම කොළඹදී පැවති මාධ්‍ය හමු ගණනාවකදී එම පාර්ශවයේ නියෝජිතයන් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයක් ගෙන එනවා නම් ඊට ඒකාබද්ධ විපක්ෂයේ සම්පුර්ණ සහය ලබාදෙන බවය.

ජනාධිපති නිහඬව සිටීමේ රහස !

මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ශව වෙතින් පවා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයක් සම්බන්ධව අදහස් පළවුවත් ජනාධිපතිවරයාms 11 1000px ඒ පිළිබඳ නිහඬව සිටින්නේ ව්‍යවස්ථාවේ ඒ සඳහා ඇති ප්‍රතිපාදන සම්බන්ධව මේ වන විටත් ඔහු දැනුවත් නිසා බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

තවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට අදාළව තිබෙන නෛතික පසුබිම සම්බන්ධව ජනාධිපතිවරයා නීති උපදෙස් ලබාගත් අවස්ථාවේ ද මේ පිළිබඳ දැනුවත්ව ඇති බවය.

එසේම අදාළ නෛතික පසුබිම ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිප නියෝජනය කරන පාර්ශවද දැනුවත් කර ඇති බවත් මීට පෙර අග්‍රාමාත්‍යධුරයේ රනිල් ඉන්නා තුරු අමාත්‍ය මණ්ඩලයට ඒම ප්‍රතික්ෂේප කළ පිරිස් මේ වන විට නිහඬව සිය අමාත්‍යාංශ වෙත යමින් සිටින්නේ ඒ අනුව බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න