වන්ධ්‍යාකරණය සඳහා ඖෂධමය ක්‍රමයක් බටහිර වෛද්‍ය ක්‍රමයේ නෑ

වන්ධ්‍යාකරණය සඳහා ඖෂධමය ක්‍රමයක් බටහිර වෛද්‍ය ක්‍රමයේ නෑ

වන්ධ්‍යාකරණය සඳහා මේ දක්වා බටහිර වෛද්‍ය ක්‍රමයෙහි ඖෂධමය ක්‍රමයක් නොමති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

"මාධ්‍ය මඟින් මතු කෙරෙන වඳ පෙති පිළිබඳව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ දැනුවත් කිරීමයි" මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කරන අතර බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වන්ධ්‍යාකරණය සඳහා වර්තමානයේ ඇති එකම ක්‍රමය ශල්‍යකර්මය බවද සඳහන් කර ඇත.

මෙම නිවේදනය නිකුත් කොට තිබෙන්නේ පසුගිය දිනවල සිදුවූ සිදුවීම්වලින් පසුව වඳ පෙති පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකළ විමසීම් සඳහා ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් වන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

ඇතැම් පුද්ගලයන්ට ප්‍රජනක හැකියාව ස්වාභාවිකව නොමැති වන අවස්ථා ඇති අතර ඒ සඳහා පවුල් සැළසුම් සේවාවන්වල ප්‍රතිකාර ලබාගනිති. අනෙක් අතට තම පවුල සම්පුර්ණ කල පුද්ගලයින් ඉදිරියට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා ස්ථිර ක්‍රමයක්, එනම් වන්ධ්‍යාකරණය සඳහා ඉල්ලුම් කල හැක. ඉහත අවස්ථාවන් දෙක සඳහාම මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදීමට පවුල් සැලසුම් සේවාවන් සංවිධානය වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න