සුසන්ත පුංචිනිලමේ 7 වනදා පොහොට්ටුවේ වේදිකාවට : සුසිල්, ජෝන්, ටී.බී, ලක්ෂ්මන් මාර්තු අග

සුසන්ත පුංචිනිලමේ  7 වනදා පොහොට්ටුවේ වේදිකාවට : සුසිල්, ජෝන්, ටී.බී, ලක්ෂ්මන් මාර්තු අග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනමතයට ගරු කර මහ මැතිවරණයක් ලබාදෙන ලෙස බලකරමින් සංවිධානය කර තිබෙන රැලි මාලාවේ පළමු රැලිය මාර්තු 7 වනදා නුගේගොඩ පැවැත්වෙන අතර එම වේදිකාවට නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ගොඩවීමට නියමිත බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය දිනවල බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතුවීමට තීරණය කර ඇති අතර ඒ බව සංකේතවත් කරමින් නුගේගොඩ වේදිකාවට ගොඩවීමට එකඟතාව පළකර ඇත.

එසේම තවදුරටත් ජනතාවට බොරු කළ නොහැකි බව පවසමින් තමන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවට සුසන්ත පුංචිනිලමේ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා සඳහන් කරන්නට යෙදුනේද බැසිල් රාජපක්ෂ සමඟ සිදුකළ සාකච්ඡා සාර්ථකවීමෙන් පසුව බවද වාර්තා වෙයි.

සුසිල්, ජෝන්, ටී.බී, ලක්ෂ්මන්

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජේෂ්ට නායකයින් තිදෙනෙකු ඇතුළු පිරිසක් 07 වනදා පොහොට්ටු වේදිකාවට ගොඩවීමට නියමිත සිටියත් පාක්ෂිකයින් වෙතින් එල්ලවිය හැකි විරෝධතා හේතුවෙන් එම තීරණය පසුවට කල්තබා ඇති බවද වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයකු newstube.lk වෙත සඳහන් කල ආකාරයට ශ්‍රීලනිපය නියෝජනය කරන වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න සහ ටී.බී. ඒකනායක මෙසේ නුගේගොඩ වේදිකාවට එක්කර ගැනීමට අපේක්ෂාවෙන් සිටි බවය. එසේම ලක්ෂ්මන් වසන්ත පෙරේරා අමාත්‍යවරයාද මේ වන විට තමන් සමඟ එක්වීමට නියමිත බවය.

මාර්තු අග තීරණාත්මකයි

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මාර්තු මාසයේ අග භාගය වන විට සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න සහ ටී.බී. ඒකනායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු ශ්‍රීලනිප අමාත්‍යවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවය.

එතෙක් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවකට ගොඩනොවන බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න