SF ට නීතිය හා සාමය දෙන්න ශ්‍රීලනිපය එකඟවෙයි

SF ට නීතිය හා සාමය දෙන්න ශ්‍රීලනිපය එකඟවෙයි

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාව පලවී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර ඇති අතර එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට එම ධූරය හොඳින් ගැලපෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් අමාත්‍යවරුන් සිදුකරන ඇතැම් ප්‍රකාශ ඔවුන්ගේ පෞද්ගලික මතය මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සථාවරය නොවන බවත් ය.

එසේම 2020 වසර දක්වා වත්මන් යහපාලන ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්සයේ අමාත්‍යධුර සංශෝධනය සිදුකරන දිනය මේ දක්වා ප්‍රකාශ වී නොමැති වුවත් එවැනි සංශෝධනයක් ගැන බලාපොරොත්තුවෙන් සිටින බවත් අමාත්‍යවරයා පවසා ඇත.

තවද අමාත්‍යධුර සංශෝධනය පිළිබඳ අවසන් තීන්දුව ගනු ලබන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් බවත් එම සංශෝධනය ගැන ජනාධිපතිතුමා මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැති බවත් දුමින්ද දිසානායක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න