ශ්‍රි ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 70 වන සංවත්සරය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ අධීක්ෂණය යටතේ හෙට (02) සැමරීමට නියමිතය.
1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කරමින් ලංකාවේ ගුවන් හමුදාව ආරම්භ විය.
1972 මැයි 22 වනදා ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමගම රාජකීය ගුවන් හමුදාව ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය විය.
ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව නිළධාරීන් 467කට හා නිළයන් 7290 කට උසස් වීම් ලබා දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
