Image

NDB බැංකු වංචාව පිළිබඳව ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න - රවි කරුණානායක ජනපතිගෙන් ඉල්ලයි

NDB බැංකු වංචාව පිළිබඳව ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න - රවි කරුණානායක ජනපතිගෙන් ඉල්ලයි

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්නැයි දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කරුණු 05 මුල් කරගත් විශේෂ ලිපියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙම ලිපිය ජනපතිවරයාට ඉදිරිපත් කර ඇත්තේ ජාතික සංවර්ධන බැංකුව (NDB) සම්බන්ධයෙන් වාර්තා වී ඇති බරපතළ වංචාව පිළිබඳවත් ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රධාන නියාමකයා ලෙස ප්‍රතිපත්තිය රෙගුලාසිවලට අනුකූල වීම සහ අවදානම් නිරීක්‍ෂණය යාන්ත්‍රණ සහතික කිරීමට අපොහොසත් වී ඇති බව පවසමිනි.

එම ලිපිය මගින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම වංචනික ගනුදෙනු හේතුවෙන් රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමි වී ඇති අතර, එම පාඩුව කඩිනමින් ගණනය කර අයකර ගත යුතු බවයි.

මතු පළ වන්නේ රවී කරුණානායක විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිපිය යි.

WhatsApp Image 2026 05 03 at 7.41.11 PM

WhatsApp Image 2026 05 03 at 7.41.12 PM

WhatsApp Image 2026 05 03 at 7.41.13 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න