රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම සඳහා මේ මස 17 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.
ඒ එම ප්‍රතිශෝධන පෙත්සම් අද (01) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලැබූ අවස්ථාවේය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් හදිසි අවශ්‍යතාවක් සැලකිල්ලට ගෙන එම පෙත්සම ගොනුකර ඇති හෙයින් එය සලකා බැලීම සඳහා ඉතාම කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 17 වනදා කැඳවන ලෙසත් එදින ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම්දී ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට ව්‍යජ ලෙස ගිනි අවි හඳුන්වාදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
