බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන COVID-19 නව වෛරස් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයා ගෙන තිබේ.
කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම යන ප්‍රදේශවලින් ලබාගත් අහඹු නියැදිවලින් ඒ බව තහවුරු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.
අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනවාරි මැද සිට පෙබරවාරි මාසය දක්වා පිටරටින් පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ද සාම්පල ද ඇතුළුව සාම්පල 92ක් පරීක්ෂාවට ලක් කළ බවයි.
අනෙකුත් ප්‍රභේදවලට වඩා අවම වශයෙන් 50%ක වැඩි වේගයකින් මෙම වෛරස ප්‍රභේදය පැතිර යන බව ද ඔහු සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
