ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සඳහා පැමිණෙන පැමිණෙන රෝගීන් වෙනුවෙන් විශේෂ දුරකතන සේවාවක් හඳුන්වා දී තිබේ.
සායනවලට පැමිණීමට ප්‍රථම රෝගීන් ඇමතුමක් දී දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය බව නිවේදනයක් නිකුත් කරමින් රෝහල් අධ්‍යක්ෂතුමිය දැනුම්දී සිටි.
තමාගේ සායනය පවත්වනු ලබන කාමර අංකයට අදාළ දුරකතන අංකයට රාජකාරී දිනයන්හිදී ඇමතුමක් දී දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගත යුතු වේ.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, කොවිඩ් – 19 තත්ත්වය සමග අක්ෂි රෝහලේ සායන සඳහා දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් රෝගීන් විශාල ප්‍රමාණයක් පැමිණීම හුවේ විධිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අපහසු වී අති බැවින් මෙම පියවර ගත් බවයි.
අක්ෂි රෝහලේ සායනික දුරකතන අංක සඳහන් ලේඛනය පහතින්….

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
