'සංහිඳියා ප්‍රතිපත්තිය' සහ 'තුන්දෙනෙක්' එළිදැක්වීම අද

''සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය'' එළිදැක්වීම සහ ජතික සමඟිය හා සංහිදියා කාර්යාංශය මඟින් නිෂ්පාදනය කරන ලද''තුන්දෙනෙක්'' චිත්‍රපටයේ මංගල දර්ශනය පෙබරවාරි මස 27 දින ප.ව. 5.30ට කොළඹ රීගල් සිනමා ශාලවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

''තුන්දෙනෙක්'' චිත්‍රපටය ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ එකතුවෙන් නිර්මාණය වූවකි.

සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග සභාපතීත්වය දරණ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මඟින් සම්පාදනය කොට තිබේ.

reconsilation

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න