කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද (30) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිත බව වාර්තා වේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරන්නේ අදාළ වාර්තාව සකස්කර අවසන් බවට කමිටුව විසින් දැනුම් දී ඇති බැවින් එම වාර්තාව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙනු ඇති බවයි.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහය ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබීය.
එම කමිටුවේ ප්‍රධානියා ලෙස මහාචාර්ය ජෙනිෆර් පෙරේරා කටයුතු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
