රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ සේවයේ නියුතු බර්නාඩ් ෂෝ දිසානායක ප්‍රේමසුන්දර මහතා ඊයේ (20) මීරිගමදී හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇත.
බර්නාඩ් ෂෝ දිසානායක මහතා අනූව දශකයේ නිරගත වූ දඩුබස්නාමානය ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායක වී ඇති අතර, ඒ මහතා චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායක වී ඇත.
තවද දක්ෂ සිනමා ඡායාරූප ශිල්පියෙකු ලෙසද කටයුතු කරයි.
ඒ මහතාගේ අවසන් කටයුතු සෞභ්‍යායා, නයින්ගල, කිතුල්වල, මීරිගම පිහිටි පවුලේ සුසාන භුමියේදී හෙට පස්වරු 2.00ට සිදු කිරීමට නියමිතය.

