අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂය විසින් පත්කර තිබේ.
අලුතින් පත් කෙරුණු මැතිවරණ කොමිසම පළමුවරට රැස් වූ අවස්ථාවේදී රතන හිමි මෙම මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, පුජ්‍ය අතුරලියේ රතන හිමි ගේ නම සහිත ගැසට් නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිසම පැවසීය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතු අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවු අතර ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ සමාජික ස්වාමීන් වහන්සේ කිහිපනමක් අතර අර්බුදකාරි තත්ත්වයක් හටගෙන තිබුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
