නීතිය හා සාමය කාට දුන්නත් SF ට දෙන්න එපා : රාජපක්ෂ භික්ෂූන්

නීතිය හා සාමය කාට දුන්නත් SF ට දෙන්න එපා : රාජපක්ෂ භික්ෂූන්

නීතිය හා සාමය අමාත්‍යංශය ආණ්ඩුවේ කවර පාර්ශවයකට ලබාදෙන නමුත් සරත් ෆොන්සේකා වෙත එම අමාත්‍යංශය ලබානොදෙන ලෙස භික්ෂූන් පිරිසක් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.

අප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ ජනාධිපතිවරයාගේ උපදේශකයන් සහ පවුලේ හිතවතුන් හරහා මෙම දැනුම්දීම සිදුකොට ඇත්තේ නිතර හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු සඳහා සහය පළකරන භික්ෂුන් වහන්සේලා කිහිපනමක්ය.

ඒ අතර ගෝඨාභය රාජපක්ෂගේ එළිය සංවිධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ රාවණ බලය ඇතුළු සංවිධාන ගණනාවක භික්ෂූන් කිහිපනමක් සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ලොකුම අවධානම ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයට

එහිදී එම භික්ෂූන් ජනාධිපතිවරයාගේ පාර්ශවය අමතමින් දැනුම්දී ඇත්තේ දේශපාලන වශයෙන් එදිරිවාදිකම් තිබුණත් ෆොන්සේකාට නීතිය හා සාමය දීම තුළ රාජපක්ෂ පවුල ඇතුළු මේ වන විට ශ්‍රීලනිප- සන්ධාන පාර්ශව කිහිපදෙනෙකුගේම දරු පවුල් වෙතින් පළිගැනීමක් සිදුවිය හැකි බවත් ඊට අදාළ චෝදනා ඇතුළත් නඩු ලිපිගොනු පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඇතුළු විමර්ශන කණ්ඩායම් සතුව ඇති බවය.

පවුල් පිටින් හිරේ යැවීමේ අවධානමක්

එසේම රාජපක්ෂ ජනාධිපතිවරයා පවා සිය දේශපාලන එදිරිවාදීන්ට කොහොම සැලකුවත් ඔවුන්ගේ පවුල් වලින් පළිගෙන නැති බවත් ඉදිරියේදී වුවත් ඔහුගේ එම ප්‍රතිපත්තියේ වෙනසක් නොවන බවට තමන් ඇප වන බවද මෙම භික්ෂුන් ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙත දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර ආකාරයට පසුගිය 22 වනදා සන්ධ්‍යාවේ යෝජිත කැබිනට් සංශෝධනය වෙනුවෙන් වන එජාප අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති අතර එහිදී නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදී ඇත්තේ සරත් ෆොන්සේකා මහතාටය.

පසුව මේ බව දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රචාරයවීමත් සමඟ භික්ෂුන්වහන්සේලා කිහිපනමක් ජනාධිපතිවරයාගේ පාර්ශවය අමතා මේ පිළිබඳ දැනුම්දී ඇත.

ජනාධිපති පාර්ශවයේ ප්‍රතිචාරය

භික්ෂූන්ගේ මෙම දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් එහිදී ජනාධිපතිවරයාගේ පාර්ශවය දැනුම්දී ඇත්තේ තවමත් අමාත්‍යංශ විෂය වෙන් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් තමන් මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවත්ය.

එසේම මෙහිදී නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට ගැනීම වැදගත් බව තමන් වහන්සේලා හිතන බවත් එම යෝජනාවද ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලෙස අදාළ භික්ෂුන් ජනාධිපතිවරයාගේ පාර්ශවය දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න