Image

"මඩකලපු වීරයා'' හමු වන්න 18වන දා කළුතරට එන්න

"මඩකලපු වීරයා'' හමු වන්න 18වන දා කළුතරට එන්න

සුනිල් එස්. තන්ත්‍රිආරච්චි විසින් රචිත "මඩකලපු වීරයා, අම්පාරෙ ද්‍රෝහියා, කළුතරට සිංහයා" කෘතිය ජූලි 18වන සෙනසුරාදා, ප.ව 02.30 ට, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.

කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ දී: හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යංශ ලේකම් ඒ. පී. ඒ. ගුණසේකර දෙසුම් පවත්වයි.

"මඩකළපු වීරයා, අම්පාරෙ ද්‍රෝහියා, කළුතරට සිංහයා" යනු, කළුතර හිටපු මහ දිසාපති මෙන් ම මෙරට ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියකුවූ ඒ.ඇන්ඩෲ ද සිල්වා ගේ රාජකාරි අත්දැකීම් ඇසුරෙන් රචිත කෘතියකි.

WhatsApp Image 2026 07 17 at 4.34.54 AM 1

"නියෝජ්‍ය ඇමති ගේ ගෝලයාට අම්බානක ගුටි", "ඡන්දෙන් පස්සෙ කච්චේරියට සුද්දයක්", "ගජ මිතුරන්ට දෙන්න ගිය තානායම් ", "බලපෑම් මැද කළ මාතර ඡන්දය", "ප්‍රේමදාස ගෙන් බේරුණු හැටි", "කළුතර දිසාපති 'සර්' කිව්වෙ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි ට විතරයි", "රෑට කට්ලට් නැතිව ඡන්ද ගණන් කරන්න බැහැ", "නොගිය දේශපාලන වන්දනාවේ පල විපාක", "පොලීසියෙන් කෙළවර වූ රාජ්‍ය සේවාව" යනාදි ශීර්ෂ රැසක් යටතේ ලියැවුණු රසවත් සිද්ධින් රැසක් මෙම කෘතියෙහි අන්තර්ගත ය.

පිටු 216ක් පුරා ලියැවුණු මෙම කෘතිය තුළ ඇතැම් විට ඔබ ද සිටින්නට පුළුවන.

එබැවින් මෙම අවස්ථාවට පැමිණෙන ලෙස කතුවරයා ආරාධනා කරයි...!

WhatsApp Image 2026 07 17 at 4.36.43 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න