විදෙස් සංචාරයෙන් පසුව ඇමති සුසිල්ගෙන් තීරණාත්මක තීන්දුවක්!

විදෙස් සංචාරයෙන් පසුව ඇමති සුසිල්ගෙන් තීරණාත්මක තීන්දුවක්!

යෝජිත කැබිනට් සංශෝධනය සිදුකිරීම සඳහා නියමිතව තිබෙන හෙට (25) දිනයේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විදෙස් ගතවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට සමීප ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට හෙට පැවැත්වෙන කැබිනට් සංශෝධනයට අමාත්‍යවරයා සහභාගීවීමද ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අදාල කැබිනට් සංශෝධනයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව නැවත භාරගැනීමට ශ්‍රීලනිප පාර්ශවය දක්වා ඇති එකඟතාවට විරෝධය පළකරමින්ය.

කෙසේ වුවත් අමාත්‍යවරයාගේ මෙම විදෙස් සංචාරය හදිසියේ යොදාගත්තක් නොවන බවත් රනිල් වික්‍රමසිංහ විරෝධය හේතුවෙන් ලංකාවේ සිටියද අදාළ කැබිනට් සංශෝධනයේදී කිසිඳු අමාත්‍යාංශයක් බාර ගැනීමට අදහසක් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාට නොතිබූ බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම තම සංචාරයෙන් පසුව දේශපාලන ජීවිතය පිළිබඳ තීරණාත්මක තීන්දුවක් ගැනීමේ අදහසක් තිබෙන බව සඳහන් කළ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න