ලංකාවේ ජගත් සංවිධාන නේවාසික නියෝජිතවරිය මියයයි

ලංකාවේ ජගත් සංවිධාන නේවාසික නියෝජිතවරිය මියයයි
 
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය වූ ඌනා මැකෝලි මියගොස් ඇති බව වාර්තා වෙයි.
 
අයර්ලන්තයේ හා එක්සත් රාජධානීයේ ජාතිකයකු වූ මැකෝලි මහත්මිය දෙදරු මවක් වන අතර පැවති රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටින අතර තුර මෙසේ මියගොස් ඇති බව වාර්තා වන අතර ඒ වන විට ඇය  54 වියේ පසුව ඇති බවද වාර්තා වෙයි.
 
මේ පිළිබඳ දැනුම්දෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ශ්‍රී ලංකා කාර්යාලය ඊයේ (23) නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි මෙසේ දැක්වේ.
 
ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාර ධුරයට පත් ප‍්‍රථම කාන්තාව වූ ඌනා මැකෝලි මහත්මිය එඩිතර, ප‍්‍රබෝධවත්, ශක්තිමත් නායිකාවක් වූවා ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වූ මැකෝලි මහත්මිය, මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සහ අනේවාසික ආයතන 21කින් යුත් එක්සත් ජාතීන්ගේ දේශීය කණ්ඩායමට නායකත්වය දුන් අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ශ‍්‍රී ලංකා නියෝජිතවරිය ද වූවා ය. මානව හිතවාදිනියක වූ ඇය, සිය ජීවිතය ලෝක වාසීන්ගේ යහපත උදෙසා කැප කළා ය. 
 
වසර හයක කාලයක් ශ‍්‍රී ලංකාවේ සේවය කළ ඇය, ඉන් වසර 2ක් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධිකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය ලෙස ද, ඊට පෙර ශ්‍රී  ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF)  නියෝජිතවරිය ලෙස ද ක‍්‍රියා කළා ය. ඇය පැනමා සහ ටෝගෝ රාජ්‍යයන්හි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF)  නියෝජිතවරිය ලෙසත්, සුඩානයේ, කෙන්යාවේ සහ ඇන්ගෝලා රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF)  කාර්ය මණ්ඩලයේ ඇතුළුව වසර 17ක කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සේවය කළා ය. 
 
ඊට පෙර වසර හතක කාලයක් කුඩා ළමුන්ගේ සුභ සිද්ධිය උදෙසා සංවර්ධන ක්ෂේත‍්‍රයේ ක‍්‍රියා කළ ඇය ලොව රටවල් කීපයකම ගෝලීය කාරණා සම්බන්ධ ප‍්‍රතිපත්ති රාමු සැකසීමට මුලිකත්වය ගෙන ක‍්‍රියා කළා ය. සැහැල්ලූ, නිහතමානී, ජව සම්පන්න, නොසැලෙන කැපවීමකින් යුක්ත වූ ඇයගේ අඩුව එක්සත් ජාතීගේ සංවිධානයට අතිශයින්ම දැනෙනු ඇති බව නො අනුමානය. ඇයගේ පවුලේ සාමාජිකයින් හට අපගේ බලවත් ශෝකය ප‍්‍රකාශ කරන්නෙමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න