හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබු විදෙස් තහනම මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඉවත් කරනු ලැබී ය.
මාතර බ්‍රවුන්ස්හීල්හි පිහිටි මිලියන 66 ක් වටිනා පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විභාගවන නඩුවට අදාළ ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබුණේය.
අද දින මෝසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත්කර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.
ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය බැසිල් රාජපක්ෂ මහතාට තෙමසක කාලයක් සඳහා පනවා තිබූ විදෙස් තහනම අද දින ඉවත්කර කිරීමට නියෝග කළේ ය.

